සංචාරක හෝටල් සහ එම ක්ෂේත්‍රයේ ඔබගේ ඕනෑම ව්‍යාපාරයක් සඳහා ඩිජිටල් වටිනාකමක් එක් කරන්නෙමු.

ඔබත් ඔබගේ සංචාරක හෝටල් හෝ ඒ ආශ්‍රිත ව්‍යාපාර නාමය සයිබර් අවකාශය තුලට එක් කොට ඒ ඔස්සේ සංචාරක ආකර්ෂණයක් සහ නව ඇනවුම් (Booking Sales) ලබාගන්න. ඒ සඳහා එවැනි වෙබ් අඩවියක පැවතිය යුතු සියලුම පහසුකම් සහිතව ආකර්ෂණීය වෙබ් අඩවියක් නිර්මාණය කර දෙන අතර එය අප විසින්, යාවත්කාලීන කරමින් පවත්වාගෙන යන්නෙමු.

hotel web design

ඔබේ ව්‍යාපාරයට වෙබ් අඩවියක් අවශ්‍ය වන්නේ ඇයි


අද වන විට මෙරටට පැමිණෙන සංචාරකයින්ගෙන් 95% ට වැඩි පිරිසක් හෝටල් සහ වෙනත් පහසුකම් වෙන්කරවා ගන්නේ අන්තර්ජාලය ඔස්සේය. එම සංචාරකයින් ඔබේ ව්‍යාපාරික ස්ථානය වෙත ආකර්ශනය කර ගැනීමට නම් ඔවුන් සහ ඔබගේ ව්‍යාපාරය සම්බන්ධ කෙරෙන යම් මාධ්‍යයක් අන්තර්ජාලය තුල තිබිය යුතුය. ඒ සඳහා ඔබගේ ව්‍යාපාර නාමය යටතේ වෙබ් අඩවියක් ස්ථාපිත කල හැක. සංචාරකයින්ට ඒ හරහා ඔබගේ නවාතැන් පහසුකම් වල විස්තර, වෙනත් පහසුකම්, ඡායාරූප, මිළගණන් ආදී සියලු තොරතුරු විමසා බලා ඔබව සම්බන්ධ කරගත හැක. එමෙන්ම සමාජ ජාල දැන්වීම්කරණය(Facebook/Google Ads) සහ වෙනත් දැන්වීම්කරණ සහ ව්‍යාපාර ප්‍රසිද්ධ කිරීමේ ක්‍රම උපයෝගී කරගෙන ඔබගේ ව්‍යාපාරය සාර්ථකව දියුණු කරගැනීමට බලාපොරොත්තු වන්නේ නම්, ඒ සඳහා ද වෙබ් අඩවියක් අවශ්‍ය වේ.

hotel web design

සියලු තොරතුරු හරියාකාරව ආකර්ෂණීය ලෙස ප්‍රදර්ශනය කල හැකි වීම

නවාතැන් සහ සේවා පිළිබඳ සියලුම විස්තර ඔබගේ වෙබ් අඩවිය තුල පළකෙරේ. ඔබ ලබාදෙන පහසුකම්, කාමර වල මිල ගණන්, විවිධ පැකේජ වල විස්තර, එක් එක් අංග වල ඡායාරූප, ස්ථාන, ලිපින ආදිය ඇතුලත් කෙරේ. ඔබව සම්බන්ධ කරගතහැකි දුරකථන අංක ආදියද ඇතුළත් කෙරේ.

hotel web design

ගූගල් වැනි Search Engines හරහා පරිශීලකයන් ගෙන්වාගැනීම

ගූගල් වැනි සෙවුම් යන්ත්‍ර හරහා ඔබේ ප්‍රදේශයේ තිබෙන හෝටල් පහසුකම් සොයා බලන සංචාරකයින්ට ඔබගේ වෙබ් අඩවිය හමු වූ විට ඒ හරහා ඔවුන් ඔබ වෙතට පැමිණෙනු ඇත. Search Engines වල ඔබේ වෙබ් අඩවිය ඉහලට ගැනීමටනම් ඔබ කලයුතු දේවල් ඇත. එය තරඟකාරී විය හැක. කෙසේ නමුත් ඊට ප්‍රථමව ඔබට වෙබ් අඩවියක් තිබිය යුතුය. විදේශීය මෙන්ම දේශීය සංචාරකයින් ගෙන්වා ගැනීමටද මෙය උපකාරී වේ.

hotel web design

ව්‍යාපාර නාමය ප්‍රසිද්ධ වීම සහ වෘත්තීමය වටිනාකමක් හිමිවීම

දෙස් විදෙස් සංචාරකයින් අතර ඔබගේ ව්‍යාපාර නාමය ප්‍රචලිත කිර්‍රිමට මෙය උපකාරී වේ. තරඟකාරී වටපිටාවක් තුල ඔබේ ව්‍යාපාරයට ඉහල තැනක් ලබා ගැනීමට නියමිත පරිදි පවත්වාගෙන යන වෙබ් අඩවියක් තිබීම බෙහෙවින් ඉවහල් වේ.

hotel web design

දැන්වීම්කරණය තුලින් නව විකුණුම් ලබා ගැනීමට පහසු වීම

Facebook, Google වැනි Online ආයතන වල වෙළඳදැන්වීම් පළකීරීමෙන් සහ ලංකාවේ වෙනත් දෘශ්‍ය, මුද්‍රිත මාධ්‍ය හරහා ඔබගේ ව්‍යාපාරයට ප්‍රචාරණයක් ලබාදීමට බලාපොරොත්තු වන්නේ නම් එම වෙළඳදැන්වීම් නරඹන්නන්ට වැඩිදුර විස්තර සොයාබැලීමට මාර්ගයක් තිබිය යුතුය. එයට වෙබ් අඩවියක් භාවිතා කල හැක.

hotel web design

Booking Engine / Hotel Directory වලට සම්බන්ධ කල හැකි වීම

ඔබ දැනටමත් Booking.com, Hotel.com , Agoda.com වැනි ආයතන වල ලියාපදිංචි වී ඇත්නම්, ඔබගේ වෙබ් අඩවිය ඒවා සමඟ සම්බන්ධ කරවීම තුලින් වැඩි සංචාරක ආකර්ෂණයක් ලබා ගත හැක. එසේම ඔබ මෙම ක්ෂේත්‍රයට නවකයෙකුනම් සහ තවමත් ඔබගේ සංචාරක ව්‍යාපාරය මෙවැනි ආයතන වල ලියාපදිංචි කර නොමැතිනම් අප ඔබට මුල සිට ඒ සඳහා උපදෙස් නොමිලේ ලබා දෙන අතර ඒවා හරහා ඇනවුම් ලබාගැනීම දක්වා ඔබව පුහුණු කරන්නෙමු. මෙය අපගෙන් ඔබට නොමිලේ ලැබෙන අමතර උපකාරයකි.

hotel web design

ඔබගේ ව්‍යාපාරය Booking Engine වල ඔබගේ Ratings ප්‍රමාණය මත පමණක් රඳා නොපැවතීම

වෙබ් අඩවියක් ස්ථාපිත කිර්‍රිමෙන් ඔබගේ ආදායම, දියුණුව ඔබ ලියාපදිංචි වී ඇති Booking Engine මත පමණක් රඳා නොපවතිමින් එය දියුණු කිර්‍රිමේ හැකියාව ඔබ අතට පත් කරගත හැක. ඔබගේ වෙබ් අඩවිය හරහා සිදු කෙරෙන දැන්වීම්කරණය, SEO ආදී වූ උපායමාර්ග භාවිතා කොට ඔබටම ඍජු විකුණුම්/ඇනවුම් ලබා ගැනීමටද හැකියාවක් පවතී.

ඔබගේ සංචාරක ව්‍යාපාර නාමය නොයෙකුත් නාමාවලි ( Hotel/Business Directory) තුල දක්නට තිබුනද එයට 100% සංචාරක ආකර්ෂණයක් නොලැබීමට හේතුව කුමක්ද?


Hotel Directory කොතරම් ප්‍රමාණයකට ඔබගේ සංචාරක ව්‍යාපාර එක් කලද එයින් 100% ප්‍රතිඵල නොලැබීමටත් සිතූ තරමක් සංචාරක ආකර්ෂණයක් නොලැබීමටත් හේතුව වනුයේ එම Directory වලට පැමිනෙන සංචාරකයින් හට ඔබගේ ස්ථානය පිලිබඳ අවශ්‍ය සියලුම තොරතුරු ආකර්ෂණීය අන්දමින් එහි දර්ශනය නොවීමයි. Email/Phone num සඳහන් වුවද ඔබගේ ස්ථානයේ හෝ ව්‍යාපාරයේ බාහිර පෙනුම සහ තිබෙන පහසුකම් පිලිබඳ ඡායරූප, විස්තර ආදිය නොදැන ඔබට ඇමතුමක් හෝ Email පණිවිඩයක් එවීමට ඔවුන් මැලිකමක් දක්වයි. සියලු විස්තර ආකර්ෂණීයව දිස්වෙන ඔබගේ වෙබ් අඩවියක ලිපිනයක්ද එම නාමවලි වල ගිණුමට එක් කල යුත්තේ එම නිසාවෙනි. එවිට සංචාරකයින්ට වෙබ් අඩවියට පැමින නැරඹීමෙන් විශ්වාසය තහවුරු කර ගත හැක. Booking Engine වල අපගේ සංචාරක ව්‍යාපාර පිලිබඳ තොරතුරු යම්තාක් දුරට දිස්විය හැකි වුවද එය ප්‍රමාණවත් ආකර්ෂණයක් ලබා නොදේ. අප ලබා දෙන පහසුකම්, විවිධ ස්ථාන, නුදුරින් ඇති වෙරළ කළාප ( ඡායරූප සමග ), පූජනීය ස්ථාන ඇතුලු ඔවුන්ගේ සිත ඇදී යන තොරතුරු නියමාකාරව පිළිවෙලකට ආකර්ෂණීය අන්දමින් ප්‍රදර්ශනය කිර්‍රිමටනම් ඔබට වෙබ් අඩවියක් තිබිය යුතුය. ඉන් පසු ඔබ දැනටමත් ලියාපදිංචි වී ඇති Hotel Directory/Booking Engine වලට ඔබගේ වෙබ් අඩවි ලිපිනයද එක් කල හැක. එමගින් ඔබේ ව්‍යාපාරයට ඉහළ සංචාරක ආකර්ෂණයක් සහ උසස් වෘත්තීමය ස්වභාවයක් හිමි වේ.

අපගේ සේවාව සහ කාර්යභාරය


role of sancharaka.lk

ඔබගේ ව්‍යාපාර නාමය යටතේ අන්තර්ජාලය තුල වෙබ් අඩවියක් ස්ථාපිත කොට, වාර්ෂිකව යාවත්කාලීන කරමින්, නව තොරතුරු ඇතුලත් කරමින් පවත්වාගෙන යන්නෙමු. අවශ්‍ය විටෙක තොරතුරු වෙනස් කිරීමටද හැක. මේ සඳහා වාර්ෂිකව යම් මුදලක් අය කෙරේ. වෙබ් අඩවියක් පවත්වාගෙන යාමට රජයෙන් වාර්ෂිකව අයකෙරෙන ඩොමේන් නාම (Domain Name) ගාස්තු සහ වෙබ් අඩවිය ගබඩා කර තැබීමේ දෘඩාංග ගාස්තු (Web Hosting Fee) අප විසින් දරණු ලැබේ.

අප ආයතනයේ විශේෂත්වය


why sancharaka.lk is best web designer sri lanka

සාමන්‍ය වෙබ් අඩවි නිර්මාණකරණ සහ සංවර්ධන සේවා සපයන ආයතනයක වගකීම වන්නේ සේවාදායකයාගේ ව්‍යාපාරයට අවශ්‍ය කරන ආකාරයේ අදාල පහසුකම් සහිතව වෙබ් අඩවියක් නිර්මාණය කර දීම පමණි. එහෙත් අප එය ඉක්මවා ඔබව ජයග්‍රාහී දිශානතියකට යොමුකොට ඔබගේ දියුණුව වෙනුවෙන් අපට කල හැකි සියලුම අන්දමින් සහය දීමට බලාපොරොත්තු වෙමු. පළමුව ඔබට අවශ්‍ය සියළු පහසුකම් සහිතව ඔබගේ ව්‍යාපාරික වෙබ් අඩවිය නිර්මාණය කර එය වර්ෂය පුරාවටම අවශ්‍ය විටෙක ඔබට අවශ්‍ය වෙනස්කම් කරමින්, තාක්ෂණික ගැටලු විසඳමින් පවත්වාගෙන යනු ලැබේ. ඊට අමතරව පෙර කී යුතුකම ඉටු කිර්‍රිම උදෙසා ඔබගේ ව්‍යාපාරයේ ඉලක්කය වන නව විකුණුම් ලබාගැනීමට සහ ඔබව ක්ෂේත්‍රයේ ඉහල තැනකට ඔසවා තැබීම උදෙසා අපට කල හැකි සීමාව තුල නොයෙකුත් ආකාරයේ අමතර සේවා රැසක් නොමිලේ සපයන්නෙමු. ඒවා බොහෝමයක් සයිබර් අවකාශය තුල ව්‍යාපාරයක දියුණුව සඳහා උපකාරි වන ක්‍රියාමාර්ග වන අතර ඒ සඳහා අපි ඔබට අවශ්‍ය උපදෙස් ලබා දෙන්නෙමු.

අප හා සම්බන්ධ වීමට


ඔබට අපගේ දුරකථන අංක හරහා හෝ ඊමෙල් ලිපිනය හරහා අපව සම්බන්ධ කරගත හැක.එසේම මෙම ෆෝරමය පුරවා විස්තර එවීමෙන්ද ඔබට අවශ්‍ය සේවා තොරතුරු මිලගණන් ආදිය දැනගත හැක. අප ඉතා ඉක්මණින් ඔබට පිළිතුරු පණිවිඩයක් එවන්නෙමු.

Translate »